Wednesday, May 1, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ පොත් අලෙවිසැල් සියයට 30 ක් වැසෙයි




ඇෆ්ගනිස්තානයේ පොත් අලෙවිසැල්වලින් සියයට 30 ක් මේවනවිට වැසී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පොත්වලට ඇෆ්ගනිස්තානය තුළ ඇති ඉල්ලුම අඩුවීම සහ ඒ හමුවේ වෙළඳාම පහළ යාම හේතුවෙන් එලෙස පොත් අලෙවිසැල් වැසී යමින් ඇති බවයි.

එමෙන්ම පොත් අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් තලෙයිබාන් පාලනය විසින් පනවා ඇති ඉහළ බදු ද එම වෙළඳසැල් වැසී යාමට බලපා ඇති එක් හේතුවක්.

වෙළඳාම පහළ වැටීම හමුවේ පීඩාවට පත්ව සිටින තමන්ම එවැනි අධික බදු ගෙවීම කළ නොහැකි බවයි පොත් අලෙවිසැල් හිමියන් පවසන්නේ.

එමෙන්ම පොත් පරිශීලනය කරන විශ්ව විද්‍යාල සිසුවියන් සංඛ්‍යාව අඩුවීම ද පොත් අලෙවිය පහළ වැටීමට බොහෝසෙයින් බලපා ඇතැයි පොත් අලෙවිසැල්කරුවන් පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්තාන ජනතාවගෙන් පොත් කියවීමේ පුරුද්ද මගහැරී යමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතුවීමත් සමග කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය අතිශයින් සීමා වී තිබෙනවා. ඒ හමුවේ එරට තුළ සාමාජීය ගැටළු රැසක් ද මතුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.