ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගොල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ඒ, කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය කඬුලු 8 කින් ජයගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායමට පන්දු වාර 15 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 74 ක් පමණයි. කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යාමට ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ටබ්රාස් ශම්සි කඬුලු 4 ක් සහ සීක්කුගේ ප්‍රසන්න කඬුලු 3 ක් දවාගනු ලැබුවා.
ජයග්‍රාහී ලකුණු 75 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම පන්දු වාර 8 යි පන්දු 3 ක් අවසානයේ කඬුලු දෙකක් පමණක් දැවී තරඟය ජයගත්තා. ලසිත් කෲස්පුල්ලේ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 42 ක්. පන්දු 25 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුලත් වුණා. ශකීබ් අල්හසන් ලකුණු 17 යි. ඒ අනුව පළමු අවසන් පූර්ව තරඟයේදී ගාල්ල කණ්ඩායම, දඹුල්ල කණ්ඩායම සමඟ තරගවදිනු ඇති.