Saturday, July 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් හමුවු කොට්ට දෙකයි මෙට්ටෙයි ගැන පැහැදිලි කිරීමක්




පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට  පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ ඉකුත් ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍ය පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි මහ ෙල්කම්වරිය පවසන්නේ.

මේ වන විටත් ඔවුන් තවදුරටත් විමර්ෂණය කරමින් සිටින බවත්ල මේ වන විට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.

එම කරුණු සම්බන්ධව අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි ඇය සඳහන් කළේග