Saturday, July 27, 2024

General line - 0115112241

වනිදුගෙන් වාර්තාවක්  - තෙවරක් ශූරයින්වූ යාපනයේ LPL සිහින බොද වෙයි




පෙර අවස්ථා 03 දීම LPL ශූරයින්වූ ජැප්නා කින්ග්ස් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඒ,අවසන් වටයේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම හමුවේ ලකුණු 61 කින් පරාජය වීම හේතුවෙන්.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 8 කට ලකුණු 180 ක් රැස් කළා. මොහොමඩ් හැරිස් ලකුණු 79 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 41 ක් රැස් කිරීමට සමත් වුණාග පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 04 ක් බිද හෙලුවා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැප්නා කින්ග්ස් කණ්ඩායමට පන්දු වාර 17 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 127 ක් පමණයිග ෂොයිබ් මලික් ලකුණු 31 ක් සහ ඩේවිඩ් මිලර් ලකුණු 26 ක් රැස් කළද සෙසු ක්‍රීඩකයින්ට සාර්ථක වීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග ලකුණු 9 කට කඩුලු 6 ක් බිද හෙලුවා. එය වාර්තා පොත් අතරට එක්වූයේ LPL තරගාවලි ඉතිහාසයේ වාර්තාවූ හොදම පන්දුයැවීම ලෙසයි.


මේ අතර මෙම තරගයෙන් ජයගත් බී-ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් අතර තීරණාත්මක තරගය හෙට පැවැත්වෙනවා. ඉන් ජයගන්නා කණ්ඩායම දඹුල්ල අවුරා සමග අවසන් මහා තරගයට එක්වනු ඇති.