වර්තමාන ක්රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවෙකු වන විරාත් කෝලි අපූරු වාර්තාවකට හිමිකම් කියා තිබෙනවා.ඒ, වසර 15ක් පුරා ලකුණු ලබා ගැනීම වෙනුවෙන් කඩුලු අතර දිවගොස් කිලෝ මීටර් 500ක් සම්පූර්ණ කරමින්.
පිතිකරුවෙකු ලෙස ඔහුගේ ලකුණු රැස්කිරීමට කෝලි කඩුලු අතර දිවගොස් ඇති දුර කිලෝ මීටර් 277ක්. අනෙක් පිතිකරුවාගේ ලකුණු වෙනුවෙන් ඔහු දිවගොස් ඇති දුර කිලෝමීටර් 233ක්. ඒ අනුව ඔහු අවුරුදු 15ක් පුරා ලකුණු වෙනුවෙන් දිවගොස් ඇති දුර කිලෝමීටර් 510ක්. එහිදී කෝලිගේ දායකත්වයෙන් කඩුලු අතර දිවගොස් පමණක් රැස් කර ඇති ලකුණු ගණන 25,354ක්.
2008දී ක්රිකට් වරම් දිනා ගන්නා විරාත් කෝලිගේ ක්රිකට් දිවියට මේ වසරේ වසර 15ක් සම්පූර්ණ වනවා. ඒ අනුව, බොහෝ විට මේ විශිෂ්ටයාගේ අවසන් එක්දින ලෝක කුසලානය මෙය වනු ඇති.