Tuesday, May 7, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පැය 24 ක් තුළ ගාසා වැසියන් 400 ක් මරුට




ඊශ්‍රායලය විසින් ගාසා තීරය සහ ලෙබනනයේ දකුණු දේශ සීමාව ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ හමාස් සටන්කාමීන්ගේ සහ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය එලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

ඊයේ දිනයේ පමණක් ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 400 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් සංඛ්‍යාව ද ඉහළ ගියත්, රෝහල් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු පවතින්නේ අවධානමක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14 ක් ඊජිප්තුවේ රෆා දේශසීමාව හරහා ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

ඒවායෙන් ගාසා වැසියන්ට අවශ්‍ය ආහාර, ජලය හා ඖෂධ පමණක් ප්‍රවාහනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

එම ආධාර හමාස් සංවිධානය අතට පත් නොවන තෙක් ආධාර සැපයුම් ක්‍රියාවලිය සඳහා බාධා එල්ල නොකරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණා.