Monday, April 29, 2024

General line - 0115112241

මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ දිනය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හිදී අභිමානවත්ව සැමරේ




පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අද (නොවැම්බර් 11) යෙදී තිබෙනවා.

 ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය  නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සහ  විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු කර තිබුනා.

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී දිවි පිදූ සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති මෙම සිහිකිරීමේ දිනය (Remembrance Day), වර්තමානයේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්වා මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව නොවැම්බර් මස 11 වන දින පවත්වනු ලබනවා.