Sunday, May 5, 2024

General line - 0115112241

යුධ ගැටුම් මැද ඊශ්‍රායලය නේටෝව සමග අවි ගනුදෙනුවක




නේටෝ සංවිධානයේ නවතම සාමාජිකයා වන ෆින්ලන්තය සමග අවි ගනුදෙනුවකට ඊශ්‍රායලය සූදානම් වනවා.

ඒ, ගාසා යුධ ගැටුම් දරුණු මුහුණුවරක් ගෙන ඇති පසුබිමක් තුළයි.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊශ්‍රායලය, ෆින්ලන්තයට ගුවන් ආරක්ෂණ පද්ධතියක් අලෙවි කිරීමටයි සූදානම් වන්නේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 340 ක ගනුදෙනුවක් බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන්.