Wednesday, May 15, 2024

General line - 0115112241

ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් එල්ලකරන්න සැරසෙයි




ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශයේ සිටින ජනතාවට වහා ඉවත් වන්නැයි ඊශ්‍රායල් හමුදාව අනතුරු අඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල් හමුදාව විසින් ප්‍රධාන නගරවලට අත්පත්‍රිකා හෙලමින් මේ බව දැනුම්දී ඇතැයි සඳහන්. ඒ අනුව දකුණුදිග ඛාන් යුනිස් ප්‍රදේශයේ සිටින ජනතාවට වහාම තම නිවාසවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි දන්වා ඇත්තේ.

ඛාන් යුනිස් යනු දකුණුදිග ගාසා තීරයේ විශාලතම නගරයයි. එම නගරයේ ජනගහනය මිලියනයකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගාසා යුද්ධයෙන් අවතැන්වූවන් රඳවා සිටින තාවකාලික කඳවුරු, රෝහල් සහ පාසැල් රැසක් ද ඛාන් යුනිස් නගරයේ පවතිනවා. 


මේ අතර ඊශ්‍රායල් හමුදාව පවසන්නේ ගාසා තීරයේ භූගත හමාස් ඉලක්ක වෙත ඉකුත් දින කිහිපයේදී දැවැන්ත ප්‍රහාර එල්ල කළ බවයි. ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් එහි ඉලක්කය බව ඔවුන් පවසා තිබෙනවා.