Wednesday, May 15, 2024

General line - 0115112241

හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව ප්‍රසිද්ධියට පත් කරයි




 ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලට ප්‍රාණ ඇපකරුවන් රැගෙන ගොස් ඇතැයි  ඊශ්‍රායලය පවසනවා.

ඊට අදාළ දර්ශන ද ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අල්ෂිෆා රෝහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගත වී තිබූ දත්ත මගින් ඊශ්‍රායල හමුදාව ඒ බව අනාවරණ කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

]
එලෙස ප්‍රාණඇපකරුවන් ලෙස රැගෙන ආ පිරිස අතර සිටි ඊශ්‍රායල සෙබළෙකු රෝහලේදී ඝාතනය කර ඇති බවයි ඊශ්‍රායල හමුදාවේ ප්‍රකාශකයෙකු අනාවරණ කර ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයෙන් අනතුරුව හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරයට රැගෙන ආ 19 හැවිරිදි තරුණියක්ද එම රෝහලේදී ඝාතනය කර ඇති බවයි ඊශ්‍රායල හමුදාව අනාවරණ කළේ.

]මේ අතර හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් යැයි පවසන ස්ථානයේ උමං මාර්ගයක් සොයාගත් බව ද ඊශ්‍රායල හමුදාව පවසනවා. කෙසේවෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.