Wednesday, October 23, 2024

General line - 0115112241

ආනයනික සීනි තොග සතොස හරහා බෙදා හැරීමට කැබිනට් අනුමැතිය




සත 25ක බද්දට යටත්ව ආයනයනය කරන ලද සිනි තොග යළි රජයට පවරාගෙන ලංකා සතොස හරහා තෝරා ගත් සුපිරි වෙළඳසැල් මෙන්ම, සමූපකාර සඳහාත් බෙදා හැර රුපියල් 275ක මිලකට එම තොග අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි  වෙළඳ , වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මාසයක කාලයක් තුළදි එම මිල යටතේ අදාළ සීනි තොග අලෙවි කරන බවයි ඔහු පැවසුවේ.


අදාළ සිනි තොගය රජයට ලබා ගත් පසු සිනි සදහා පනවා ඇති පාලන මිල අවශ්‍ය නොවන බවද වෙළඳ , වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.