Saturday, July 27, 2024

General line - 0115112241

හරින්ට සහ පවිත්‍රාට තවත් අමාත්‍ය ධූර දෙකක්




ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිව්රුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔවුන් එලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූර වලින් රොෂාන් රණසිංහ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වු එම ධූර සඳහා මෙම පත් කිරීම් සිදුකර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්නිආරච්චි මෙලෙස පත් කර ඇත්තේ ඔවුන් දරණ අනෙකුත් අමාත්‍ය ධූරවලට අමතරවයි.