පනාමුර, මඩුවන්වෙල, නින්දගම වත්ත ඉඩමේ කොටසක් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
වන වගා ව්‍යාපෘතියක් සඳහා අදාළ ඉඩමෙන් කොටසක් ලබා දෙන ලෙස එම සමාගම කළ ඉල්ලීමකට අනුව ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්.
ඒ අනුව වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත එම ඉඩමෙන් අක්කර 87 යි රූඩ් 03 යි පර්චස් 25ක් එලෙස සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
පනාමුර, මඩුවන්වෙල, නින්දගම වත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනවා.