Saturday, July 27, 2024

General line - 0115112241

රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද උද්ඝෝෂණයක

එම් .එම්.පී.ජී.පෙරේරා




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද උද්ඝෝෂණයක නිරත වනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වලදී අද පස්වරුවේ ගුරු විදුහල්පතිවරුන් එලෙස උද්ඝෝෂණයේ නිරත වන බවයි. 


ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ එම උද්ඝෝෂණ සඳහා සිය සාමාජිකයන් ද එක්වන බවයි.


අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවන බව ද ප්‍රකාශ කෙරුණා.