Monday, April 29, 2024

General line - 0115112241

ආර්. අයි. ටී. අලස් ගුරු පියාණන්ගේ දස වෙනි ගුණානුස්මරණය නිමිත්තෙන් ඩී. ඇස්. ආදි සිසුන් විසින් සංවිධානය කල පිංකම




කොළඹ 07, ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය විසින් විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පති ආර්. අයි. ටී. අලස් ගුරු පියාණන්ගේ දස වෙනි ගුණානුස්මරණය නිමිති කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ හා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ නේවාසික රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් 2023 නොවැම්බර් මස 26 වෙනි දින ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වුණා.

මේ සඳහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හා පරිත්‍යාගශිලීන්ගේ සැදැහැති දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සඳහා රු. 700,000 කට අධික ඖෂධ පරිත්‍යාගයක් සහ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ නේවාසික රෝගීන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම්, ඖෂධ ඇතුලු රු. 300,000 කට අධික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කළා.