Wednesday, May 8, 2024

General line - 0115112241

චීනයේ අභිරහස් රෝගය හෙළි වෙයි




චීනයේ ළමුන් අතර  ව්‍යාප්ත වන ශ්වසන රෝගය සම්බන්ධ හේතුවන අසාමාන්‍ය හෝ නව රෝග කාරක කිසිවක් හඳුනාගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමෙන්ම චීනය නියුමෝනියා රෝගීන්  පිළිබඳ ඉල්ලුම් කළ දත්ත ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ.

නැගී එන රෝග අධීක්ෂණ වැඩසටහන (ProMED) ඇතුළු කණ්ඩායම් ඉකුත් දා උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගීන් පොකුරු වාර්තා වන බව අනාවරණ කළා.

අනතුරුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීන බලධාරින් ගෙන් ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා තිබුණේ.

ඒ අනුව චීනය පැය 24 ක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි යාන්ත්‍රණය හරහා වසංගත රෝග සහ සායනික තොරතුරු මෙන්ම රසායනාගාර ප්‍රතිඵල ද ලබාගෙන ඇතැයි සඳහන්.

එම දත්ත වලට අනුව මෙම රෝගීන්ගේ වැඩිවීම, සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට බලපාන සහ මැයි මාසයේ සිට සංසරණය වන පොදු බැක්ටීරියා ආසාදනයක් වන mycoplasma pneumoniae වැනි රෝග කාරකයක් සංසරණය වීම බව තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව චීනය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය (RSV) සහ ඇඩිනෝ වයිරසය ඔක්තෝම්බර් මාසයේ සිට සංසරණය වී ඇති බවයි වාර්තා වන්නේ.