Monday, April 29, 2024

General line - 0115112241

ඩී.එස් ජනමාධ්‍ය කවයේ 30 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක්




කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ  ජනමාධ්‍ය කවයේ 30 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ විශේෂ සමරු උත්සවයක් පසුගිය 20දා ආදි සේනානායකයන් ගේ ක්‍රීඩා සමාජයේ උත්සව ශාලාවේ දී පැවැත්විය. 

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ ඩී.එස් විද්‍යාලයේ ආදී ජනමාධ්‍ය කවයේ සභාපති නෙත් එෆ්.එම් ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති ප්‍රධානී හේමන්ත කහවලගේ සහභාගි විය. 

පාසල් ගීය ගායනා කරමින් ඇරඹි උත්සව අවස්ථාව ඉන්පසු ජනමාධ්‍ය කවයේ සභාපතිවරයා 30 වන සංවත්සරය වෙනුවෙන් සකස් කල විශේෂ කේක් කපා කොළඹ ඩී.එස් විද්‍යාලයේ ආදී ජනමාධ්‍ය කවය ආරම්භ කළේය.

එම අවස්ථාවෙන් අනතුරුව වසරෙන් වසර මතක ආවර්ජනයක යෙදෙමින් සියලු දෙනා සුහද පිළිසඳරක නිරත වීමට ද අමතක කලේ නැහැ .  

විද්‍යාලීය ජනමාධ්‍ය කවයේ ආරම්භයේ සිය වර්තමානය දක්වා සියලුම කණ්ඩායම් නියෝජනය කරමින් ආදි සිසුන් මේ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම විද්‍යාලයීය ජනමාධ්‍ය කවය භාරව සිටි ආදි සංගම් භාර ආචාර්යවරුන් දෙපලක් වන අජිත් වන්නිආරච්චි සහ වසන්ත වන්නිආරච්චි යන ගුරුපියවරුන් ද මෙන්ම වර්ථමානයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය දායකත්වය ලබා දෙන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නෙත් එෆ්. එම්. ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති ප්‍රධානී හේමන්ත කහවලගේ, එෆ්.එම්.දෙරණ ප්‍රවෘත්ති කළමනාකරු වරුණ සංජීව ලියනගේ,  ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ, ටී.වී. දෙරණ හඩකැවීම් අධ්‍යක්ෂ අනුරාධ සිගේරා, සිරස එෆ්.එම්. නිවේදක පුබුදු මහආරච්චි, අද දෙරණ වෙබ් අංශයේ මාධ්‍යවේදී  සමන් සමරක්කොඩි,  නිවුස් වයර් නිර්මාතෘ අසාම් අමීන්,  හරි ටීවී නිර්මාතෘ ලහිරු මුදලිගේ, ලක්ෂාන් වත්තුහේවා (තිර පිටපත් රචක හා කථිකාචාර්ය ), පසන් නන්දුල ද සිල්වා (අද දෙරණ මාධ්‍යවේදී) චංචල සමරකෝන (නිවේදක ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව) ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

ඩී.එස් සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය තුළින් බිහිවූ මාධ්‍ය ආයතන අධ්‍යක්ෂකවරුන් , නිවේදකයන් , ප්‍රවෘත්ති සම්ප්‍රකාශකවරුන් , පුවත්පත් කතුවරුන් , ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් , වෙළඳ දැන්වීම් නිෂ්පාදක හා අධ්‍යක්ෂවරුන් , හඬකැවීම් ශිල්පීන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන් ම නීතිඥවරුන් , වෛද්‍යවරුන් , අධිකාරියටපත් උසස් හමුදා නිලධාරින් ඇතුලු ආදි සේනානායකීය වෘත්තිකයින් රැසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.