Friday, October 18, 2024

General line - 0115112241

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර




මේ අතර නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ හේතුවෙන් සැබෑ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන්ට සිදුවන බරපතළ අසාධාරණය සහ අගෞරවය වැළැක්වීම සඳහා මෙම අවභාවිතය කඩිනමින් නැවැත්වීම සඳහා මෙම තීරණය ගත්බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ  සඳහන් වන්නේ.