Saturday, July 27, 2024

General line - 0115112241

විස්සයි විස්ස අවසන් තරඟාවලියේ විනිසුරුගේ තීරණය ගැන සනත් කතා කරයි




ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමග පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී විනිසුරු විසින් ලබා දුන් තීරණය වැරදි තීරණයක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරිය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සනත් ජයසූරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 


වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා කෙටිකාලයක් තුළදී දක්ෂතා අතරට පැමිණ ඇති බවයි සනත් ජයසූරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.