Friday, October 18, 2024

General line - 0115112241

හින්දු බැතිමතුන්ට යුධ හමුදාවෙන් සහනයක්




යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව  කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල සහ පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා අවසර හිමි වන බවයි යුධ හමුදාව පැවසුවේ.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණා.

කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල් ජනතාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.