Friday, October 18, 2024

General line - 0115112241

ගාසා ළමුන් වෙනුවෙන් රනිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය




ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා  “ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එමගින් සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන එම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.