Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාව යුක්‍රේනයට පිහිට වෙයි.




රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ 2022 වසරේදී ඇතිවීමට ගිය විනාශයක් වළක්වා ගත් ආකාරය පිළිබඳ  අමෙරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව කුමන මොහොතක හෝ න්‍යෂ්ටික් අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් මතුව තිබු බවයි.

දෙවන ලෝක යුද සමයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළූ න්‍යෂ්ටික බෝම්බ වලින් පසුව පළමු වතාවට න්‍යෂ්ටික අවි භාවිතය ගැන බියක් ඇතිවුණා කිව්වොත් නිවැරදි ."  යනුවෙන් එක් අමෙරිකානු රාජ්‍ය නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

මේ හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පාලනය කර ගැනීමට අමෙරිකාවට විශේෂ රාජතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමට සිදුවූ බවයි එම නිලධාරින් දෙදෙනා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග සම්බන්ධ වෙමින් අමෙරිකාව රුසියානු ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවි භාවිතයෙන් වළක්වා ගැනීමට කටයුතු කර තිබෙන බවට එම වාර්තා වල දැක්වෙනවා.

ඒ අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් රුසියානු ජනාධිපතිවරයා අමතමින් යුද්ධය නොව සාමයේ මාවතට යෑමට පියවර ගන්නා ලෙසට දැනුම් දුන් බව සඳහන්.