Sunday, May 5, 2024

General line - 0115112241

IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්




IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු මෙන්ම හිටපු නායකයෙකු වූ මහේන්ද්‍ර සිං ධෝනි වෙනුවටයි.

ඒ අනුව නව නායකත්වය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රුතුරාජ් ගයික්වාඩ්ට ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මෙවර IPL තරඟාවලියේදී ඔහු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ වසර ගණනාවක් තිස්සේ ඔහු දැරූ නායකත්වයේ වගකීම නොමැතිවයි.