Wednesday, May 1, 2024

General line - 0115112241

පන්දුවාර 20යි 20 පිටියේ එකම තරඟයක් තුළ ශතක 02ක්




පන්දුවාර 20යි 20 පිටියේ එකම තරඟයක් තුළ ශතක 02ක් වාර්තා වූ තරඟයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ, අයි පී එල් ක්‍රිකට් පිටියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර තරඟයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 183ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 72කදී නොදැවී ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ ලකුණු 189ක් රැස් කරමින් තරඟය ජය ගත්තේ කඩුලු 06කින්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් නොදැවී ලකුණු 100ක් රැස් කළේ පන්දු 58කින්.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 08ක් සමග ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් සහභාගී වූ සියලු තරඟ මේ වන විට ජයගෙන සිටින අතර කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ ප්‍රධානියාද වනවා.