Tuesday, April 30, 2024

General line - 0115112241

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 07ක ජයක්




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් කඩුලු 07ක ජයක් අත් කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් රැස් කළා.

ශ්‍රෙයාස් අයියර් පන්දු 36කදී ලකුණු 34යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04කදී කඩුලු 03ක් දැවී ලකුණු 141ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

රුතුරාජ් ගයික්වාඩ් නොදැවී ලකුණු 67ක් රැස් කළා.