Tuesday, April 30, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර පකිස්තානයෙන් ප්‍රබල වෙනසක්




එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කර ගනිමින් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ  වෙනසක් සිදු කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 18වනදා ආරම්භ වන පකිස්තාන - නවසීලන්ත විස්සයි විස්ස තරඟාවලියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ක්‍රිකට් පුහුණුකාර මණ්ඩලය වෙනස් කිරීමටයි පකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව පකිස්තාන කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අසාර් මහමුද් පත් කර තිබෙනවා.

පිතිකරන පුහුණුකරුවා ලෙස මෙහොමඩ් යූසුෆ් පත් කර ඇති අතර දඟ පන්දු පුහුණුකරුවා ලෙස පත් කර ඇත්තේ සයිඩ් අජ්මාල්. තෙරීම් කමිටු ප්‍රධානීන් ලෙස කටයුතු කළ වහබ් රියාස් පකිස්තාන කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ කළමනාකාරවරයා ලෙස පත් කර තිබෙනවා. 

පකිස්තාන කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් කර ඇති අසාර් මහමුද් 1996 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ එක් දින තරඟ 143කදී සහ ටෙස්ට් තරඟ 21කදී පකිස්තාන කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

එමෙන්ම 2016 - 2019 කාලසීමාව තුළ ඔහු පකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසද කටයුතු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.