Tuesday, April 30, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්  පළමුව පිත්ත අතට ගනී




සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිිකට් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි ක්‍රීඩාංගනයේදීයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇරයුම් කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 18ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 78ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 47ක් සහ හංසිමා කරුණාරත්න එක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

හසිනි පෙරේරා ලකුණු 15කටත් විශ්මි ගුණරත්න ලකුණු 7කටත් දැවී ගියා.