Tuesday, April 30, 2024

General line - 0115112241

ඉරානය විසින් ඊශ්‍රාලයට ප්‍රහාර කිහිපයක් එල්ල කරයි




ඉරානය විසින් ඊශ්‍රාලය දෙසට ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ රාත්‍රියේදී ඊශ්‍රාලයේ හඳුනාගත් ස්ථාන කිහිපයකට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවවයි.

පසුගියදා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කල ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගිය අතර ඒ අතර හමුදා ප්‍රධානින් 05 දෙනෙකුද සිටිය බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ.

අදාළ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කරන බව ඉරානය පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

එවැනි පසුබිමකයි ඉරානය විසින් ඊශ්‍රාලයට ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙන්නේ.

ඉරානය විසින් ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන්ද නතර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම යුධමය තත්වය පිළිබඳ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් අවධානය යොමුකර තිබෙන අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා කර තිබුණේ.