අවුරුදු සමයේ ගිනිකෙලි භාවිතයෙන් සිදුවන අනතුරු අඩුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
ගිනිකෙලි අනතුරුවලින් සුළු තුවාල ලැබූ තිදෙනෙකු පමණක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ බවත් ඔවුන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසුවා.