තණමල්විල, වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී කැබ් රථයක් හා ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ 04 දෙනෙකු තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර බරපතළ තුවාල ලැබූ ඉන් එක් පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට මාරු කර යැවූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු පලාගොස් ඇති අතර තණමල්විල පොලිස් නිලධාරින් විසින් අදාළ කැබ් රථය අතුරු මාර්ගයක නිවසක් අසල නවතා තිබියදී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ විමර්ශන තණමල්විල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සිදු කරනු ලබනවා.
සඳුන් පුෂ්පකුමාර