Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය මහමැතිවරණයේ පළමු දිනයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ අඩුවක්




ඉන්දිය මහ මැතිවරණයේ පළමු දිනය වූ අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන ජනතාව අඩුවක් දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, තමිල්නාඩුව ඇතුළු එරට ප්‍රාන්ත රැසකම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්.

මහ මැතිවරණයේ පළමු අදියර යටතේ මැතිවරණ කොට්ඨාශ 29 න් 6 ක පළමු අදියරේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම මැතිවරණය අදියර හතරක් තුල පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව  ජුනි මස 01 වන දින වන විට ජන්ද ප්‍රතිඵල ගණනය කිරීම් ඇරඹීමට නියමිතයි.

ඉන්දීය මැතිවරණයෙන් ලෝක් සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 543 තෝරා ගැනීමට නියමිතයි.