Friday, May 3, 2024

General line - 0115112241

චීන - රුසියානු සබඳතාවලට අමෙරිකාවෙන් බාධා




චීන - රුසියානු සබඳතා සඳහා අමෙරිකාවෙන් එල්ල වන බලපෑම් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එය යුක්‍රේන යුද්ධයේ ප්‍රතිපලයක් බවයි.

තවදුරටත් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සඳහා සහය ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස ප්‍රතිචාර දක්වන බවයි අමෙරිකාව චීනයට අනතුරු අගවා ඇත්තේ.

එහි ප්‍රතිපලයක් ලෙස 2022 මැද භාගයේ සිට රුසියාවට චීනයෙන් සිදු කරන අපනයන පහත වැටී තිබෙනවා.

චීන රේගු දත්ත වලට අනුව, රුසියාවට කරන ලද චීනයේ අපනයන මාර්තු මාසයේදී 16% කින් පමණ පහත වැටී ඇත.

මොස්කව් යුක්රේනය ආක්‍රමණයට ආධාර කළ බවට චෝදනා එල්ල වූ බැංකු සහ ව්‍යාපාර සඳහා අමෙරිකාව සම්බාධක පැනවීමේ අවදානමක් මධ්‍යයේ රුසියාව සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගෙවීම් සමඟ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියාව සහ චීනය අතර වෙලඳාම පසුගිය වසරේ වාර්තාගත ඩොලර් බිලියන 240කට ළඟා වී තිබුණා.

එම ගනුදෙනු මෙහෙයවා තිබුණේ රුසියානු තෙල් ආනයනය සහ මෝටර් රථ, කාර්මික උපකරණ සහ ඉලෙක්ට්‍රොනික අපනයනය මගින්.