Saturday, July 27, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම ගැන කාදිනල් හිමියන් රජයෙන් ප්‍රශ්න කරයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල්-ජූඩ් සමන්ත-පාලිත ආරියවංශ




පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර පහක් සම්පූර්ණ වුවත් එහි සත්‍ය යටපත් කිරීමට පැවැති රජය මෙන්ම වත්මන් රජයද දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ද ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවැති දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ.


එමෙන්ම පාස්කු ප්‍රහාරයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැවැති රජයට මෙන්ම වර්තමාන රජයටද ලිපි කිහිපයක් යොමු කළද මෙතෙක් ඒ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර පාස්කු ප්‍රහාරයට වසර 05ක් සපිරීම නිමිත්තෙන් ප්‍රදේශ රැසක දේවස්ථානවල විවිධ ආගමික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ගාල්ල ප්‍රදේශයේ පවත්වන විශේෂ දේව මෙහෙය පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.


මේ පුත්තලම දිස්ත්‍රික්කයේ දේව මෙහෙයන් පිළිබඳ තොරතුරු ගෙනඑන නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.


බදුල්ල දිස්ත්‍රික්කයේද කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදෙමින් දේව මෙහෙයන් සිදුකරන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ සඳහන් කළේ.