Saturday, July 27, 2024

General line - 0115112241

අවුරුදු නැගම් යමින් සිටි එකම පවුලේ දරු දෙදෙනෙකු ඇතුළු 03ක් මරුට




ඇල්පිටිය කැටපොළ පල්ලිය ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් තිදෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා 

අවුරුදු නෑ. ගම්  යමින් සිටි ත්‍රී රෝද රථය කැන්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන්නේ.

එම අනතුරෙන් එකම පවුලක  සාමාජිකයින්   හය දෙනෙකුගෙන් තිදෙනෙකු  ජීවිතක්ෂයට  පත්වූ අතර  තවත් තිදෙනෙකු  ඇල්පිටිය  මූලික රෝහළේ සහ ගාල්ල කරාපිටිය  රෝහල්වලට අරතුලත් කර තිබුනා.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ  ඇල්පිටිය  වල්ලඹගල පදිංචි  67 හැවිරිදි පුද්ගලයෙක්  හා අම්බලන්ගොඩ  නගරයේ ජනප්‍රිය පාසැලක   ප්‍රාථමික  ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් වන බාවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඇල්පිටිය  පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.