Friday, May 3, 2024

General line - 0115112241

පිලිපීනය චීන ඩ්‍රෝන යානයක් පසුපස.




චීන මහජන විමුක්ති හමුදාවට අයත් WZ-7 Soaring Dragon වර්ගයේ ඩ්‍රෝන යානයක් පිලිපීනය ආසන්නයේ පියාසර කරන බව ද යුරේසියන් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

ඒ, BrahMos සුපර්සොනික් වර්ගයේ  කෲස් මිසයිල කිහිපයක් පිලිපීනයට භාර දීමට ඉන්දියාව සූදානම් වන පසුබිමක් තුළයි.

එම ඩ්‍රෝන යානා බටහිර පිලිපීන මුහුද හරහා පියාසර කර ඇති අතර ඒවායෙහි සුවිශේෂී හැඩය හේතුවෙන් පිලිපීන බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තා වූයේ දකුණු චීන මුහුදේ, විශේෂයෙන් දෙවන තෝමස් ෂෝල් සහ ස්කාර්බරෝ ෂෝල් හි භෞමික ආරවුල් සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේයි.

කලාපය තුළ චීනයේ ස්ථීරභාවයට එරෙහිව ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ උපායමාර්ගික පියවරක් ලෙස සැලකෙන ඉන්දීය BrahMos සුපර්සොනික් කෲස් මිසයිල භාරගැනීමට පිලිපීනය සූදානම් වන බැවින් මෙම කාලය විශේෂයෙන් වැදගත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා