Friday, October 18, 2024

General line - 0115112241

වතු සමාගම්වලට සියඹලාපිටියගෙන් රතු එළියක්

නිහාල්සිරි ගම්ලත




ඉහළ දැමූ වතු සේවක වැටුප් නොගෙවන වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කර වෙනත් සමාගම්වලට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවත්, ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

අවිස්සාවේල්ල, දංගම්පල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.

වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වාත්, විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350 ක මුදල සමඟ රුපියල් 1700 කින්  වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවා.