Friday, February 7, 2025

General line - 0115112241

දුම්රිය 06ක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම් නවතී




කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය වල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රිය වල තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ, එළඹෙන මාර්තු මස 10 වන දින සිටයි. 

අදාළ දුම්රියන් නැවත කොළඹ බලා ධාවනය වන විට ද එම පහසුකම ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ දක්වා එම දුම්රියවල ආසන වෙන් කිරීමේ පහසුකම් තිබූ තෙවන පංතියේ මැදිරි සාමාන්‍ය තෙවන පංතියේ මැදිරි ලෙස ඉදිරියේදී ධාවනයට එක් කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.