Friday, February 7, 2025

General line - 0115112241

අරගලයෙන් දේපළ හානි වූ දේශපාලඥයින් 43 දෙනෙකු කෝටි 122කට අධික වන්දි ගත් හැටි හෙළි වෙයි




2022 වසරේ අරගලය පැවති සමයේදී දේපළ හානි සිදුවූ බව පවසමින් දේශපාලඥයින් ලබාගෙන ඇති වන්දි මුදල් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළා. 

දේශපාලඥයන් 43 දෙනෙකු දේපළ හානි ලෙස රුපියල් කෝටි 122කට අධික මුදලක් එලෙස ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා.