Sunday, September 8, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනාවකට වරදකරු වෙයි




ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු ලෙස තීන්දුකර තිබෙනවා.

ඒ, මෑන්හැටන් ජූරි සභාවක් විසින්. මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවටයි පැවසෙන්නේ.

ඒ අනුව අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ට්‍රම්ප් ඉතිහාසගත වනවා.