Friday, October 18, 2024

General line - 0115112241

අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් හදිසි ගුවන් අනතුරකින්  මරුට




ඇපලෝ 8 අභ්‍යවකාශ මෙහෙයුමේ අමෙරිකානු ගගනගාමියෙකු වූ විලියම් ඇන්ඩර්ස් හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90කි.

කුඩා ගුවන්යානයකින් පියාසර කරමින් සිටියදී හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් වොෂින්ටන් ප්‍රාන්තයේ සැන් ජුවාන් දූපත් අසල මුහුදට කඩා වැටි තිබෙනවා.
 
ෆෙඩරල් ගුවන් සේවා සංගමය පවසන පරිදි එම අවස්ථාවේ Beech A45 ගුවන් යානයේ සිට ඇත්තේ නියමුවා පමණි.

අමෙරිකානු ගගනගාමියෙකු වූ විලියම් ඇන්ඩර්ස් 1968 වසරේ අපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙස වාර්තා අතරට එක්විය.

1968 වසරේදී ටයිම්ස් සඟරාව ඔහු වසරේ මිනිසා ලෙසද නම් කර තිබුනා.            

එම මෙහෙයුමේදී  අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන ඇත්තේද මෙම අමෙරිකානු ගගනගාමියා වෙනවා.

එය ඇපලෝ 8 අභ්‍යවකාශ මෙහෙයුමට ඔහුගෙන් හිමිවූ විශාලතම දායකත්වය ලෙස සැලකෙනවා.