Friday, October 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව කලින්ම සුපර් 8 වටයට




ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට විසි වීම ආසන්නයට පැමිණ තිබෙනවා.

ඒ, නේපාල කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමග ශ්‍රී ලංකා - නේපාල තරඟයේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වී තිබුණේ එම තරඟයේ ජයග්‍රහණය අනිවාර්ය වී තිබීම හේතුවෙන්.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය අතහැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් දැන් ඉතිරිව ඇත්තේ ඉතා සියුම් බලාපොරොත්තුවක් පමණයි.

කෙසේවෙතත් නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තරඟතීරණයක් සහිතව එක් කණ්ඩායමකට ජයග්‍රහණය හිමිව අවසන් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

ඒ, මෙම කණ්ඩායම් දෙකම දැනටමත් ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමි කර ගෙන සිටීම හේතුවෙන්.

ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඉතිරි කර ගැනීමට නම් මෙම තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිය යුතුයි.

කෙසේවෙතත් මේ වන විට නිකුත් වී ඇති කාලගුණ වාර්තාවලට අනුව තරඟය පැවැත්වෙන කොදෙව් දූපත් හි සෙන් වින්සන්ට් ක්‍රීඩාංගනය ආශ්‍රිත ප්‍රදේශයේ යහපත් කාලගුණික තත්ත්වයක් පවතිනවා.

කෙසේවෙතත් එම තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පමණක් ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට හැකියාවක් නැහැ.

ඊට නෙදර්ලන්තය සමග තරඟය ඉහළ දල ලකුණු සංඛ්‍යාවක් සමග ජය ගත යුතු වනවා.

එමෙන්ම නේපාල - බංග්ලාදේශ තරඟයෙන් නේපාලය ජය ගැනීමද අනිවාර්යයි. මීට අමතරව දකුණු අප්‍රිකා නේපාල තරඟයෙන් දකුණු අප්‍රිකාව ජය ගැනීමද අනිවාර්ය වනවා. 

මේ අතර ශ්‍රී ලංකා නේපාල තරඟය වර්ෂාව හේතුවෙන් අතහැරීමත් සමග ඩී කාණ්ඩයේ සුපිරි 08 වටයට පිවිසි පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත් වුණා.

අද පැවති අනෙක් තරඟයෙන් නැමේබියාව පරාජය කළ ඕස්ට්‍රේලියාවද සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගත්තා.