ආරක්ෂක මිල දී ගැනීම් සහ ද්විපාර්ශ්වික සංචාර සම්බන්ධයෙන් පකිස්ථාන හමුදාවේ නොසැලකිලිමත් අතිරික්ත වියදම් මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන්ගේ අනාගතය අතිශයින් අඳුරු කර ඇති පෙර නොවූ විරූ රුපියල් ට්‍රිලියන 67.5 ක රාජ්‍ය ණය බරට ප්‍රධාන හේතුව බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තාන ආණ්ඩුවෙන්, මුදල් අමාත්‍යාංශයෙන් සහ පකිස්තාන රාජ්‍ය බැංකුවෙන් එන සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ, පසුගිය වසර කිහිපය තුළ පකිස්තානය තුර්කියෙන් චීනයෙන් සහ අනෙකුත් රටවලින් නොසැලකිලිමත් ලෙස ආයුධ මිල දී ගැනීම් සිදු කර ඇති බවයි.
එමෙන්ම පකිස්තාන හමුදාවේ ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් ආර්ථික අර්බුධයක් තිබියදී විටින්විට ද්විපාර්ශ්වික සංචාරවල වැඩි වශයෙන් නිරත වී ඇතැයි අල් අරාබියා පුවත් සේවය පවසනවා.
ආන්ඩුවේ මූල්‍ය ගෙවීම් සියයට 64 කින් ඉහළ ගොස් ඇති අතර රුපියල් ට්‍රිලියන 4.22 ක පොලී ගෙවීම් ඇතුළත් වන බවයි පැවසෙන්නේ.
අයවැය ඇස්තමේන්තු රුපියල් ට්‍රිලියන 7.3 ට සාපේක්ෂව මුළු ණය ගෙවීම් රුපියල් ට්‍රිලියන 8 ඉක්මවා යනු ඇති.
ණය ගෙවීම සඳහා පකිස්තානය ෆෙඩරල් බදු ආදායමෙන් සියයට 81 කට වඩා වියදම් කරයි.
එය රට ආර්ථික කඩාවැටීමේ අද්දර තබන විශාල පරතරයක් බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ