Friday, October 25, 2024

General line - 0115112241

අධිකරණවල ගොඩගැසෙන භාණ්ඩ ගැන අලුත් නීතියක්




නඩු භාණ්ඩ වසර ගණනක් අධිකරණවල තැබීමේ ක්‍රමවේදය වෙනස් කරමින් නව නීති හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයට ගත් කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට අධිකරණයට බලය පැවරෙන බවයි.

විදෙස් රටවල අධිකරණ ලබා දෙන තීන්දු මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වාදෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.