Friday, October 18, 2024

General line - 0115112241

දුම්රියක් පිලී පනී -  මුහුදුබඩ මාර්ග දෙකම අවහිරවෙයි 




අද දින පානදුර සිට කොළඹ මරදාන බලා ධාවනය වන දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිරවී ඇති අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට තාවකාලික නවතා තිබෙන බවයි වාර්තා වෙන්නේ. 

මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජිණ දුම්රිය ද අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුහුදුබඩ මාර්ගයේ අද දින දහවල් ධාවනය වන දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර දුම්රිය පිලී ගත කොට දුම්රිය ගමනාගමන කටයුතු සිදු කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.