Sunday, June 23, 2024

General line - 0115112241

කළුතර සහකාර පොලිස් අධිකාරිට පොලිස්පතිගෙන් ප්‍රශංසා




මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු ඝණයේ සම්බන්ධ අපරාධ විශාල සංඛ්‍යාවකට සංවිධානාත්මක අපරාධකරු අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන නිළධාරින්ට නිසි නියෝග හා උපදෙස් ලබා දෙමින් සිදු කරන ලද සුවිශේෂී වූ රාජකාරියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රශංසාවක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලීස් අධිකාරී R .A .R රාජපක්ෂ වෙත පිරිනමා තිබෙනවා.

ඒ මාතර, කොට විල පොලිස් වසමේ දී අමිල ප්‍රසංග හෙට්ටි හේවා නොහොත් " සන්සයින් සුද්දා '' යන අය වෙඩි තබා ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු වන හේවාලුණුවිලගේ ලසන්ත නොහොත් ''ටින් කල් ලසන්ත '' යන සංවිධානාත්මක අපරාධකරු 2021.11.25 දින මොරොන්තුඩුව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගැනිම හේතුවෙන්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී පිස්තෝල ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් ඇතුළු නඩු භාණ්ඩ අත්අඩංගුවට ගැනිමට විමර්ශන නිළධාරින්ට හැකි වී ඇති අතර විමර්ශන අතරතුර ඇති වි ඇති සිද්ධියක දී පොලිස් වෙඩි පහරින් මෙම අපරාධකරු ජිවිතක්ෂයට පත් වීය.

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරු අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන නිළධාරින්ට නිසි නියෝග හා උපදෙස් ලබා දෙමින් සිදු කරන ලද සුවිශේෂී වූ රාජකාරියට මෙම පොලිස්පති ප්‍රශංසාව ලබා දී  තිබෙන්නේ.