Monday, June 24, 2024

General line - 0115112241

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට




ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින්, අළුයම් කාලයේදී පුත්තලම දළුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදියි.

එහිදී, ළදු කැලැවක් තුළ උර දහනවයක (19) අසුරා සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) එම ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් ද  අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කර  සිටියේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් සහ 44 ක් වන මන්නාරම සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොග‍ය සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබුණා.