Wednesday, June 26, 2024

General line - 0115112241

 සූක්ෂම ලෙස  සඟවා හෙරොයින් ප්‍රවාහනය කළ  බහුදින ධීවර යාත්‍රාවක් සමග හයක් අත්අඩංගුවට 

.    ලලිත් චාමින්ද




මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු  රුපියල් මිලියන 3250 කට අධික දළ  වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක් හා ග්‍රැම් 754 සමග පුද්ගලයින් හය දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ  දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදිය.

 මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 43 ත් අත‍ර වන දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, හා  සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව  ගාල්ල වරාය වෙත රැගෙන පැමිණ තිබෙනවා.

වැඩි දුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් හය දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි