Friday, October 18, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය පැරදූ ඉන්දියාවට තියුණු ජයක්




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තමන් තරඟ කළ පළමු තරඟය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදා ලකුණු 47කින් ජය ගනිමින්.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 181ක් රැස්කළා.

සූර්ය කුමාර් යාදෙව් ලකුණු 53ක් රැස්කළේ පන්දු 28කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වුණා.

හාර්ඩික් පාන්ඩයා ලකුණු 32යි.

පන්දු යැවීමේදී ෆසල්හක් ෆරූකි සහ රෂිඩ් ඛාන් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 182ක ඉල්ලකයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.