Sunday, September 8, 2024

General line - 0115112241

 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට AI අපේක්ෂකයෙක්




ජූලි 4වනදා පැවැත්වීමට නියමිත බි්‍රතාන්‍ය මහ මැතිවරණය සදහා AI හෙවත් කෘතිම බුද්ධි අපේක්ෂකයකුට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මැතිවරණයක් සදහා AI ඡන්ද අපේක්ෂකු ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය බවයි.

මෙලෙස AI තාක්ෂණය හරහා ඉදිරිපත් වන්නේ 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් නම් ව්‍යාපාරිකයෙක්.

ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ස්ටීව් එන්ඩකෝට් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය හරහා සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමින්.

මෙම අපේක්ෂකයා AI ස්ටීව් ලෙස හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් AI ස්ටීව් මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කල යුත්තේ  AI නොව ස්ටීව් එන්ඩකෝට් බවයි බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම පැවසුවේ.

එමෙන්ම එරට රජය ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා තවදුරටත් AI අපේක්ෂකයින් බඳවා ගැනීමට සූදානම් බවයි.