Sunday, September 8, 2024

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට තවත් මිසයිල ප්‍රහාරයක්




රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් නගරයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.

අදාළ ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ විදුලිබල පද්ධතියට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ පසුගිය මාස තුනක කාලය තුළදී රුසියාව විසින් යුක්‍රේනයේ විදුලිබල පද්ධතිය වෙත ප්‍රහාර එල්ල කළ අටවැනි අවස්ථාව මෙය බවයි.

මේ සම්බන්ධයෙන් යුක්‍රේන හමුදාව පවසන්නේ නගරයේ තැනින් තැන පිපිරීම් හතරක් පමණ සිදු වූ බවයි.

එසේම මිසයිල ප්‍රහාර 16න් 12ක්ම සහ රුසියාව විසින් ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 13ම වෙඩි තබා බිම හෙලූ බවයි යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය නිශ්චිතවම කාර්කිව් නගරයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කල ප්‍රහාරයක් බවයි ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.